වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.
හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?
හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.
Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.
හන්තාන ප්‍රජාව
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!
හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.
වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.
Pingback: Lohan G (lohang) 's status on Sunday, 15-Nov-09 08:25:05 UTC - Identi.ca
උණුසුම් සුභපැතුම් සමග මාගේ අදහසක් ඉදිරිපත් කරන්නම්.
“ හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?
හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.“
ඔබගේ ඉලක්ක කණ්ඩායම සැමදා සැමවිට මගහැරුණු පිරිසයි. ඒ කණ්ඩායමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඔවුන්ට පහසුවක් ඇතිවන අයුරින් හා ඔවුන්ට පරිගණකය එපා නොවන අයුරින් නිදහස් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීඹ වෙසසින්ම ඇගයිය යුත් වේ.
සුවිසාලවු අභියොගයක් ජයගැන්මක් …..උනුසුම් සුභපැතුම්..ඉදිරි සංවර්ධනට තවතවත් ශක්තිය…ජයෙන් ජයම වේවා……
නියමයි..
Pingback: Hanthana Linux Blog » Blog Archive » හන්තාන ලිනක්ස් 15 නිකුත් වේ!
Pingback: Hanthana Linux Blog » Blog Archive » Hanthana Linux 15 Released !