පසුගිය 2011 ජනවාරි මස 25 දින සිට 29 වැනි දින දක්වා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 125 වැනි සැමරුමට සමගාමීව පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයේ දී එම විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය හන්තාන ලිනක්ස් හදුන්වාදීමට කටයුතු කළේ ය. මෙහි දී හන්තාන ලිනක්ස් 14.5 DVD තැටි 300කට වඩා ප්‍රදර්ශනයට පැමිණි අය අතරේ නොමිලේ බෙදා දීම ද විශේෂත්වයකි.

මෙම ප්‍රදර්ශන කුටියට පාසැල් සිසුන්, රාජ්‍ය සහ පුද්ගලික ආයතනවල සේවය කරන අයට අමතරව ගාලු කොටුව ආශ්රිත කටයුතුවල නියැළි ඕලන්ද ජාතිකයෝ ද පැමිණියහ. මෙලෙස පළමු දිනයේ පැමිණි හෙල්මර් නම් වූ ඕලන්ද වැසියා ඔහු ලබාගත් හන්තාන ලිනක්ස් පිටපත ස්ථාපනය කළ පරිගණක යන්ත්‍ර 8ක් ශී ලංකාවේ පාසැලකට එවන බව කියා සිටියේ ය.

මීට පෙර කිසිදු දිනෙක ලිනක්ස් භාවිත නොකළ සිසුවියෝ දස දෙනෙක් හන්තාන ලිනක්ස් කණ්ඩායම විසින් ඔවුන් වෙනුවෙන් ම පවත්වනු ලැබූ එක් දින වැඩසටහනකින් ලද දැනුමෙන් සන්නද්ධ ව මෙසේ ප්‍රදර්ශන කුටිය තුළ ගාලු පුවරයේ ජනයාට නිදහස් සහ විවෘත මෘදුකාංග හඳුන්වාදීමේ යෙදුණහ.
පාසැලක් මෙසේ නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දෙමින්, හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ප්‍රජාව අතරට ගෙනයාම හන්තාන ලිනක්ස් ප්‍රජාවට තවත් ශක්තියකි.
මේ සද්කාර්යය වෙනුවෙන් කැප වූ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ ඒකකයේ ආචාර්ය මහත්මීන්ට හා සිසුවියන්ට අපේ ස්තුතිය! ඉදිරියේ දී තවත් මෙවැනි කටයුතු සාර්ථක අන්දමින් සිදුකිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරන්නෙමු!
එහෙනම් දකුණ හරි. සබරගමුව පැත්තෙත් ඉස්සරහට බලමු නේද ?
චානක අයියේ එක තමයි මාත් කිව්වේ මේ සෙට් එකට අපේ ඉස්කොලෙට එන්න කියලා
It is good. I start my open-source journey as same. Now i have good knowledge about open-source. I wish they will do this at the end of life.
Pingback: Hanthana Linux Blog » Blog Archive » හන්තාන ලිනක්ස් 15 නිකුත් වේ!