අද දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැවති තොරතුරු තාක්ෂණ දින උළෙලේ දී හන්තාන ලිනක්ස් පිළිබඳ සැසියක් පැවැත්විණි.
එහි දී අධ්‍යාපනික හා මෘදුකාංග සංවර්ධන කටයුතු සඳහා හන්තාන ලිනක්ස් භාවිත කළ හැකි අයුරු පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීම සිදු වූ අතර ඉදිරි දිනෙක දී එම විද්‍යාලය තුළ හන්තාන ලිනක්ස් පිළිබඳ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට ද නියමිත ය.