
දේශන මාලාවන් තුළදි පහත මාතෘකා පිළිබඳ දැණුවත් කරනු ලැබේ.
- නිදහස් සහ විවෘත මෘදුකාංග
- අධ්‍යාපනය සඳහා නිදහස් සහ විවෘත මෘදුකාංග
- හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය
- නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති සඳහා දායක වීම
- ICTA ආයතනය මඟින් දියත් කළ සහ අනුග්‍රහය දැක් වූ නිදහස් සහ විවෘත මෘදුකාංග ව්‍යාපෘති
මෙලෙස නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුම ලබා ගැනීම සඳහා දැයට කිරුල ප්‍රදර්ශන භූමියේ ඇති ICTA ආයතනයේ ප්‍රදර්ශන කුටියට පෙබරවාරි මස 7 සහ 8 දිනයන් තුළ පැමිණිමට අමතක කරන්න එපා. තවද උතුරු මැද පලාත ආශ්රිත පාසැල් ගුරුවරුන්ට සහ සිසුන්ටත්, මෙම ප්‍රදර්ශනය බැලීමට බලාපොරොත්තු වන හිතමිතුරන්ට මේ පිළිබඳව දැන්වීමට කාරුණික වන්න.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයෙ තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රදර්ශණ කුටිය තුළදීද නිදහස් සහ විවෘත මෘදුකාග පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කිරීමට නියමිතයි.
දැයට කිරුල නිමිත්තෙන් හන්තාන ලිනක්ස් 15.5 නිකුත් කර ඇති අතර දැයට කිරුල ප්‍රදර්ශන භුමියේදි මෙම නිකුතුව ලබා ගැණීමට අවශ්‍ය පහසුකම් ඉක්ටා ආයතනය මඟින් සලසා ඇත. නව නිකුතුව ලබා ගැණීමට මෙම සබැඳියට පිවිසෙන්න. හන්තාන කණ්ඩායම වෙනුවෙන් ඩනිෂ්ක, බන්දුල, කල්හාර සහ හිරන්‍ය දැයට කිරුල ප්‍රදර්ශන භූමිය තුළ දි ඔබට සහාය වනු ඇත.