හන්තානන ලිනක්ස් 17 LXDE සමඟින් LiveCD තැටියක් ලෙස

හන්තාන ලිනකස් පවුලට එක්වන අලුත්ම සාමාජිකයා වන හන්තාන ලිනක්ස් 17 LXDE අද උදෑසන නිකුත් විය. අපගේ සාමාන්‍ය DVD සංස්කරණය මඟින් සියලුම මෘදුකාංග එකතුවක් සහ නවතම 3D අතුරුමුහුණතක් ඉදිරිපත් කරන අතර, අපේ අලුත්ම සාමාජිකයා වන LXDE සංස්කරණය මඟින් අවම බලයක් සහිත පරිගණක වලට උපරිම සහයත්, තමන්ගේ රුචිකත්වයට අනුව තෝරාගත හැකි මෘදුකාංග එකතුවක් මෙන්ම සරල භාවයත් ඔබට ලබා දේ.

හන්තාන ලිනක්ස් 17 LXDE සංස්කරණය මෙම යොමුවෙන් ලබාගත හැකි අතර, ඔබට එය ස්ථාපනය කිරීමේ මගපෙන්වීම මෙම යොමුවෙන් බාගත හැකි ය.

හන්තාන සහ Fedora 17 හි අඩංගු සියලුම ගුණාංගයන් සමඟින් එන මෙම අලුත්ම හන්තාන ලිනක්ස් 17 LXDE සංස්කරණයේ Mozilla FIrefox, LibreOfficeWriter, LibreOffice Calc and LibreOffice Impress ඇතුලු තවත් බොහෝ මෘදුකාංග අඩංගු වන අතර මෙම සංස්කරණය ක්‍රියාත්මක කිරීමට ඉතාම ස්ථායී සහ අවම සම්පත් පරිභෝජනයක් සහිත LXDE අතුරු මුහුණත අඩංගු වේ. මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට ඉතාම ස්ථායී සහ අවම සම්පත් පරිභෝජනයක් සහිත LXDE අතුරු මුහුණත අඩංගු වේ. LXDE යනු විවෘත මෘදුකාංගයකි. එය ලිනුක්ස් අතුරුමුහුණතක් ලෙස භාවිතා කරන ඉතා අඩු සම්පත් සහිත පරිගණක වල ක්‍රියාත්මක වීමට විශේෂයෙන් නිපදවා ඇත. එසේම නවීන පරිගණක තාක්ෂණයන් ඉතාම කාර්යක්ෂම ලෙස හසුරුවීමේ හැකියාවක් පවතින බැවින්, මෙය නවීන 3D දෘඪාංග වල ඉතාම වේගවත්ව ක්‍රියාතමක වේ.

හන්තාන ලිනක්ස් 17 (සිතිජ) සංස්කරණයට සමගාමීව හන්තාන ලිනක්ස් LiveCD සංස්කරණය ඉදිරිපත් කෙරුණ අතර, හන්තාන ලිනක්ස් 17 සංස්කරණය 2012 සැප්තැම්බර් 15 වන දින නිකුත් කරන ලදි. හන්තාන ලිනක්ස් 17 සංස්කරණයේ එළිදැක්වීමෙන් සතියක කාලයක් තුල 3000 කට අධික බාගත කිරීම් ප්‍රමාණයක් ලොව සිව් දෙසින් වාර්තා වූ අතර, මෙම සංස්කරණයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණි. මෙමඟින් හන්තාන ලිනක්ස් සඳහා ලැබෙන ජාත්‍යන්තර පිළිගැනීම මොනවට හෙළ වේ. ශ්‍රීලාංකීය ලිනක්ස් සංස්කරණයක් වන හන්තාන ලිනක්ස් සඳහා ලොවපුරා දැවැන්ත ඉල්ලුමක් පවතින අතර, ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුල හන්තාන ලිනක්ස් භාවිතයේ විශාල වැඩි වීමක්ද පෙන්නුම් කරයි.

අවම පරිගණක සම්පත් හා අවම මෘදුකාංග ප්‍රමාණයක් සමඟ තම පරිගණකයේ ක්‍රියාකාරකම් ආරම්භ කොට තම රුචිකත්වය පරිදි තමන්ටම ආවේනික පරිගණක මෙහෙයුම් පද්ධතියක් හා මෘදුකාංග එකතුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයන් සහිත අය සඳහා හන්තාන ලිනක්ස් 17 LXDE සංස්කරණය ඉතාම ප්‍රයෝජනවත් වනු ඇත. මෙම සංස්කරණය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ ඉතා ඉහළ හැකියාවක් පවතී. එම නිසා පරිගණකයේ නියම නිදහස අත්විඳීමට කැමති අයට මෙම සංස්කරණය ඉතා උසස් මට්ටමේ සේවයක් සපයනු ඇත. පහතින් දැක්වෙන්නේ ඉතාම පහසුවෙන් අවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කිරමින් තමන්ට අවශ්‍ය ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ සරල උදාහරණයක් පමණි.

GIMP ස්ථාපනය කිරීම
# yum install gimp -y

VLC බහුමාධ්‍ය මෘදුකාංගය ස්ථාපනය කිරීම
# yum install vlc -y

මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයෙන් පසු Gnome අතුරු මුහුණත ස්ථාපනය කිරීම
# yum groupinstall gnome-desktop -y

Sugar-desktop ස්ථාපනය කිරීම.
# yum groupinstall sugar-desktop -y
හන්තාන ලිනක්ස් x86_64, 64bit සංස්කරණය එළි දැක්වීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතී. එම සංස්කරණය මීළඟ සතියේ ඉදිරිපත් කෙරෙනු ඇත.

හන්තාන 17 x86_64 නිකුතුව නිර්මාණය කළ පරිගනකයේ සිට අදාල සේවාදායක වෙත ගොනු පිටපත් කිරීමට ඇති තාක්ෂණික ගැටලුව නිසා එය නිකුත් කිරීම කල්දැමීමට සිදු විය. අපගේ හන්තාන ලිනක්ස් ගොනු සියල්ලක්ම cloud build system එකක ස්ථානගත කිරීමේ සැලසුම් සකස් කර ඇති අතර, මෙම සත්කාරය සඳහා, අවශ්‍ය පහසුකම් සැපයීමට අපි ඔබට ආරාධනා කරමු. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අපේම ශ්‍රී ලාංකීය ලිනක්ස් සංස්කරණයේ ඉදිරිගමන වෙනුවෙන් ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කොට, ශ්‍රී ලාංකීය පරිගණක ක්ෂේත්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන ලෙස අපි නැවතත් ඉල්ලමු.

හන්තාන ලිනක්ස් අලුත්ම සංස්කරණය ඉදිරිපත් කිරීමට නන්අයුරින් සහය දැක්වූ සියලුම අයටත්, හන්තාන ලිනක්ස් පරීශීලකයන්ටත්, හන්තාන ලිනක්ස් 17 i386 LiveDVD හි තත්වය පරීක්ෂා කළ ඔබ සැමටත් අපගේ හද පිරි ප්‍රණාමය පුද කිරීමටද අපි මෙය අවස්ථාවක් කර ගනිමු.

Sha256sum:
4c1d69cb53d6b4f7f6b7899e5f49e4495404c045542fcc7d403bb83b9866ac1f

දැයටකිරුළ 2012 හන්තාන වැඩසටහන සාර්ථකයි!

දැයට කිරුළ 2012 අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්‍රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ ප්‍රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි.

ICTA ආයතනයෙන් තෑග්ගක්..

මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර  ලැබුණි.

පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම  රාජ්‍ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි  නියුතු කොටස් මෙම වැඩසටහන  සමඟ එක් විය.

මෙම වැඩසටහන  අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්‍යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ.

 

ප්‍රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්‍යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්…

පාසැල් දරුවන් සඳහා පාසැල් පොත් බෑග්, පෑන් වැනි තිලිණ  මෙන්ම කෙටි සංග්‍රහයක් ලබා දීම ද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. එමෙන්ම හන්තාන ලිනක්ස් 15.5  DVD තැටි නොමිලේ බෙදා දීමද ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය විසින් සිදු කරන ලදි.

දිනකට වැඩසටහන් 3 ක් පමණ කළ හැකි යැයි මුලින් සැලසුම් කළ ද, එක් වැඩසටහනක් අවසන් වෙත්ම තවත් වැඩසටහනක් ඇරඹීමට සිදු වුයේ පසල්  සිසුන් සහ ප්‍රදර්ශනයට පැමිණි දෙමාපියන්ගේ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ හදුන්වා දුන් වැඩසටහන් සඳහා තිබූ උනන්දුව නිසා වෙනි.

 

ගණිතමය ගැටලු ඇසුරෙන් නිමවා ඇති TuxMath ක්‍රීඩාවෙන් ජයගත් පාසල් සිසුන් දෙදෙනෙක්..

තවද, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාවද තම ප්‍රදර්ශනය කුටිය හරහා දෙවන වරටත් නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දීම මුළු  ප්‍රදර්ශන කාලය පුරාම  සිදු කරන ලදි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා එක් වීමට මූලික අවදියේදි සහාය දුන්  බන්දුල රණතුංග මහතාටත්, තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයටත්, මෙම සියලු කාර්යයන් සාරථක කර ගැනීම  උදෙසා උරදුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්‍රිය, මහේෂ් කූරගම, මලිත්, කසුන්, ප්‍රියන්ක  සහ හන්තාන කණ්ඩායමට අවශ්‍ය සියලු සම්බන්ධීකරණ  කටයුතු කරමින් හන්තාන ලිනක්ස්  කණ්ඩායමෙ සහායට එක් වූ සුජිත් ජයසූරිය මිතුරාටත් හන්තාන ප්‍රජාවේ නොමද ස්තුතිය පිරි නැමේ.

 

පැණයකට පිළිතුරු සොයමින්..

රැයක් දවාලක් නොමැතිව නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් සඳහා අති විශාල ඉරිසක් එක් ව සිටි අයුරු